- පුළුල් ක්ෂෙත්ර කරා ව්‍යාප්ත වූ මනෝවිදාව
අතීතයේදී මනෝවිද්‍යාව ආත්මය පිළිබ`ද දාර්ශනික හා ආගමික චින්තනයන්ගෙන් වර්ධනය විය. පසුව මෙය මනස පිළිබ`දව කරන ලද සාකච්ඡුා ලෙසින් දර්ශනය තුළ දක්නට ලැබේ. ආදි ග්‍රීකයන් ආත්මය (චිහජයැ* සහ විද්‍යාව සහ අධ්‍යාපනය (කදටදි* යන පද දෙකෙහි සංයුතිය ලෙසින් (චිහජයදකදටහ* මනෝ විද්‍යාව ලෙසින් සලකනු ලැබුණි.
නූතන මනෝවිද්‍යාව බිහි වීම ස`දහා දාර්ශනිකයන්ගේ හා විද්‍යාඥයන්ගේ අදහස් බෙහෙවින් බලපා ඇත. දර්ශනය තුළ තෙල්ස් මුලින්ම ආත්මය පිළිබ`ද අදහස් දක්වා ඇත. පසුව ඇරිස්ටෝටල් ආත්මය පිළිබ`දව ර්ණෘැ ්බසප්” නමින් ප්‍රථම මනෝවිද්‍ය කෘතිය ක්‍රි.පූ. 350 දී රචනා කර ඇත. මනස යන්න පුළුල් අර්ථයකින් රෙනේ ඬේකාට් භාවිතා කරයි. ඔහු මනස හා කය පිළිබ`දව සාකච්ඡුා කර ඇත. අනුභූතියට වැඩි සැලකිල්ලක් දැක්වූ ජෝන් ලොග්ගේ අදහස් මනෝ විද්‍යාවට ප්‍රබල ලෙස බලපා ඇත. ෆ්රාන්ස් ජොෂප් මොළයේ මස්තිස්කය, චර්යාවන් හා ක්‍රියාකාරී වන මොළයේ කොටස් පිළිබ`ද හදුන්්වා දීම වැදගත් වේ. ඉන් පසු ෆෙක්නර් (ඨමිඒඩ ෙැජබැර* 1850 දී පමණ සම්පරීක්ෂණ ක්‍රමය වැඩි දියුණු කළේය. 1859 දී චාල්ස් ඩාවින් ‘‘ඔයැ දරසටසබ දෙ ිචැජසැි’’ කෘතිය රචනා කරන අතර ඒ මඟින් මනෝවිද්‍යාව තුළ පෙරළියක් ඇති වුණි යැයි සැලකිය හැකිය. ඩාවින්, වොලෂ්, එංගල්ස් වැන්නන්ගේ බලපෑම තුළින් මනෝවිද්‍යාව විද්‍යාවක් ලෙසින් අධ්‍යනය කරන්නට පටන් ගත්තේය. ක්‍රි.ව. 1879 දී විල්හෙල්ම් වුන්ඞ් විද්‍යාගාර පිහිටුවමින් සවිඥානය පිළිබ`ද අධ්‍යනය කළේ ව්යුහවාදයෙනි. 1890 දී විලියම් ජේම්ස් ක්‍රි.ව. 1890 දී ‘‘චරසබජසචකැ දෙ චිහජයදකදටහ’’ යන කෘතියේ සවිඥානයේ (මානසික* ක්‍රියාකාරීත්වය පිළිබ`ද අධ්‍යනයන් කාර්ය බද්ධ වාදයෙන් කළේය. සිග්මන් ෆ්‍රොයිඞ් 1900 දී ‘‘ඔයැ ෂබඑැරචරුඒඑසදබ දෙ ෘරු්පි’’ ග්‍රන්ථය රචනා කිරීම මඟින් මනෝවිශ්ලේෂණ වාදය (අවිඥානය පිළිබ`ද අධ්‍යනයන* ඇරඹීය. ක්‍රි.ව. 1913 දී ජේ.බී. වොට්සන් විසින් චර්යාවාදය ආරම්භ කළේය. ඒ මඟින් ක්‍රි.ව. 1951දී කාල් රොජස්ගේ අදහස් වලින් මානවවාදී මනෝවිද්‍යාව වර්ධනය විය.
මනෝවිද්‍යාවේ පියා ලෙසින් සැලකෙන විල්හෙල්ම් වුන්ඞ්ට අනුව මනෝවිද්‍යාව මඟින් අධ්‍යනය කළ යුත්තේ සවිඥානය පිළිබ`දවය. ඊට පෙර විෂය ක්ෂේත්රය වූයේ ආත්මයයි. කාර්යබද්ධවාදීන්ට අනුව මනසේ කාර්යය අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්රයයි. ජේ.බී. වොට්සන්ට අනුව චර්යාව අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ විෂය ක්ෂෙත්රය බවයි. ප්‍රජනන මනෝවිද්‍යාඥයින් තම අධ්‍යපන චර්යාවට පමණක් සීමා කළේ නැත. සිග්මන් ෆ්‍රොයිඞ් මනෝවිශ්ලේෂණවාදී අධ්‍යයන වලදී අවිඤ්ඤාණයට වැඩි වැදගත් කමක් දුන්නේය.
මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්රය කාලයන් සමඟ පුළුල් වන බව දක්නට ලැබේ. ව්‍යවහාරික මනෝවිද්‍යාව තුළින් මනෝවිද්‍යාවේ මූලධම_ අධ්‍යනයට කරයි. ශාරීරික මනෝවිද්‍යාව මඟින් මනිස් චර්යාවට අදාළ කායික ව්‍යුහය ගැන අධ්‍යනය කෙරේ. ළමා මනෝවිද්‍යාව මඟින් ළදරු හා ළමා චර්යා පිළිබ`ද අධ්‍යයනය කරයි. මේ අනුව මේ වන විට මනෝවිද්‍යාව සමාජ මනෝවිද්‍යාව, සත්ත්ව මනෝවිද්‍යාව, සංවර්ධන මනෝ විද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, මනෝ චිකිත්සාව, මනෝ උපදේශනය, ක්‍රිඩා මනෝවිද්‍යාව, අධිමානසික විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වී ඇත.
වත_මානයේ මනෝවිද්‍යාව පර්යේෂණාත්මක විෂයක් වී තිබේ. ඒ මඟින් මනෝ විද්‍යාවේ විෂය ක්ෂේත්රය පුළුල් විය. ඒ අනුව 1981 දී නොමන් මන් පවසන පරිදි මනෝවිද්‍යාව චර්යාව පිළිබ`ද විද්‍යාවක් වශයෙන් සාමාන්‍යයෙන් නිගමනය කරනු ලැබේ.එසේ වුවද චර්යාව යන්නෙහි අර්ථය දැන් ව්‍යාප්ත වී පෙර අභ්‍යන්තර අත්දැකීම් වශයෙන් සැලකූ සිතීම පෞද්ගලික පුද්ගල බද්ධ ක්‍රියාවලි පවා දැන් අභ්‍යන්තර චර්යාව ලෙසින් හැදින්වේ.
චර්යාවාදයට පදනම් වූ පසුබිම
ඩාවින්ගේ පරිණාමවාදයේ බලපෑම සෘජුවම මනෝවිද්‍යාවට එල්ල විය. එම නිසා සවිඥානය පිළිබ`ද විවිධ අයුරින් පර්යේෂණ පැවැත්විය. ක්‍රි.ව. 1879 දී විල්හෙල්ම් වුන්ඞ් ජර්මනියේ ලප්සිග් නුවර පර්යේෂණාගාරය පිහිටුවනු ලැබූ අතර ඒ සමඟම ව්යූහවාදයද බිහි විය. ‘‘කිසියම් රසායනික ද්‍රව්‍යයක් එහි මුලධාතුවලට වෙන් කිරීමට රසායනික විද්‍යාඥයාගේ කාර්යය ලෙස එකල සැලකිණි. එමෙන්ම මනෝ විද්‍යාඥයාද සංකීර්ණ අනුභූතීන් මූල ධාතු වලට වෙන්කොට එම අනුභූතින්ගේ ව්‍යූහය (ිඑරමජඑමරු* තේරුම් ගත යුතුය’’ වුන්ඞ් හා ඔහුගේ සහායක ටිව්නර් මානසික අනුභූතිය කොටස් වලට (ව්‍යුහවලට* බෙදා මානසික අනුභූතිීන් තේරුම් ගැනීම මනෝ විද්‍යාවේ කාර්යය විය යුතු බව අවධාරණය කර ඇත.
ව්යූහවාදින් විඥානය පිළිබ`ද අධ්‍යානය කිරීම ස`දහා ඔවුන් භාවිත කළේ අන්තරාවලෝකනයයි. ‘‘ඔයැ ිඑරමජඑමර්කසිඑිල ිඑමාසැා චැදචකැ’ි එයදමටයඑල සාැ්ිල ්බා ිැබි්එසදබි ඉහ ්ිනසබට චැදචකැ එද ාැිජරසඉැ එයැප’’ ව්යුහවාදීන් මනෝවිශ්ලේෂණ න්‍යාය අනුගමනය කරන ලද්දේ මිනිසුන්ගෙන් විමසීමෙනි. ඒ අනුව සිතුවිලි, අදහස්, හැගීම් වැනි මානසික අනුභූතීන් අන්තරාවලෝකනය මගින් විශ්ලේෂණය කළේය.
ව්යූහවාදීන් භාවිත කළ අන්තරාවලෝකන ක්රමයෙහි ඇති දුර්වලකම් රාශියක් සමකාලීන හා පසුකාලීන මනොවිද්යාඥයන් විසින් පෙන්වා දී ඇත. අන්තරාවලෝකනයෙන් අනුභූතියක් නිරීක්ෂණය කරන විට අනුභූතියෙහි වෙනස්කම් සිදුවිය හැකි බව එයට නැගුණු විවේචනයකි. අන්තරාවලෝකන ක්‍රමයට එරෙහිව එල්ලවී ඇති විවේචන වලින් පෙන්වා දෙන ආකාරයට මෙයින් ලබා ගන්නා තොරතුරු එකින් එක පරස්පර විරෝධී වේ. අන්තරාවලොකනය සීමාසහිත ක්ෂේත්රයක යොදාගත හැකිය යන විවේචනයද ඉතා වැදගත් වේ. කුඩා ළමයින්, සත්ත්වයින් හා මානසික රෝගීන් සම්බන්ධයෙන් මෙය යොදා ගත නොහැකි විය. සවිඥානික අනුභූතිය විවිධ කොටස්වලට විශ්ලේෂණය කිරීමේදී සමස්ත අනුභූතිය අවබෝධය දුෂ්කර වීමද මෙහි පැවැති දුර්වලතාවකි. මෙය වාස්තවික ලෙස නැවත නැවත කිරීමට නොහැකි හා අනුභූතිය ලැබීම හා එය සටහන් කිරීමට කාලයක් ගතවන බැවින් මෙය වඩාත් විවෙචනයට ලක් විය.
ව්‍යුහවාදය මෙසේ විවේචනයට ලක් වුවද සම්පරීක්ෂණ මනෝවිද්‍යාවේ ආරම්භකයන් වශයෙන් හා එහි භාවිත වූ ඇතැම් විද්‍යාත්මක ක්‍රම නිසා පසු කාලීන මනෝ විද්‍යාඥයින්ට මෙන්ම ගුරු කුලයන්ට ඉතා වැදගත් විය. මනෝ විද්‍යා සම්පරික්ෂණාගාර ආරම්භ කිරීමද ඉතා වැදගත් වේ.
ක්‍රි.ව. 1890 දී පමණ විලියම් ජේම්ස් කාර්යබද්ධවාදය ආරම්භ කරයි. එහිදී ඔහු සවිඥානය යනු ගලායන ධාරවක් බැවින් අන්තරාවලෝකනයෙන් සවිග්රනයේ මොහොතක් තේරුම්ගත හැකි යැයි පවසමින් මිනිසා පරිසරයට අනුවර්තනය වීමේදී මනසේ කාර්යභාරය පිළිබ`ද පර්යේෂණ කළේය. මොහු ස`දහා ඩාවින්ගේ පරිණාමවාදය තදින් බලපා ඇත. ‘‘තවද සත්ත්වයන් පරිසරයට හැඩ ගැසීම පිළිබ`ද ඩාවින් ඉදිරිපත් කළ මතය, මිනිසා පරිසරයේ එක් එක් ්අවස්ථාවන්ට හැඩ ගැසෙන ආකාරය සෙවීමේදී මනෝවිද්යාඥයන්ටද පලපෑ බව සිතිය හැකිය.’’ මොවුන්ගේ මතවාද වලින් හා වාද විවාදවලින් මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්රයේ සම්වර්ධනයක් මෙන්ම මනෝවිද්‍යාවද වර්ධනය විය. පසු කාලීනව කාර්යබද්ධවාදයට ද විවේචන එල්ල විය. මොහුන්ට එල්ල වූ ප්‍රබල විවේචනයක් වූයේ එහි අර්ථය ස`දහා නොපැහැදිලි පද භාවිත කෙරේ යන්නයි.
මෙම ගුරු කුල දෙකෙහි මත විවේචනය කරමින් නැගී ආ ගුරුකුලය වූයේ (ඊැය්ඩසදරසිප*. චර්යාවාදයයි. මොවුන් ස`දහා ව්යුහවාදීන් හා කාර්ය බද්ධවාදීන් ගොඩනැගූ දැනුම හා විධික්රම උපයෝගී විය. ‘‘ඔයැ ැ්රකහ ඉැය්ඩසදරසිඑි ඉැට්බ ්ි ් චරදඑැිඑ පදඩැපැබඑ ්ට්සබිඑ ිඑරමජඑමර්කසිපග ඊැය්ඩසදරසිඑි සබිසිඑැා එය්එ සඑ සි මිැකැිි එද ්ින චැදචකැ එද රුචදරඑ එයැසර දඅබ චරසඩ්එැ ැංචැරසැබජැ’’ මේ අනුව චර්යාවාදීහු මෙම ව්‍යුහවාදීන්ට හා කාර්යබද්ධවාදීන්ට එරෙහිව මෙම චර්යාවාදය ආර්ම්භ කළහ. තම තමන්ගේ පෞද්ගලික හැගීම් හා අනුභූතීන් තේරුම් ගැනීම නිෂ්ඵල බවත් එය ඔප්පු කිරීමට හා පරීක්ෂා කරීමට ක්‍රමයක් නොමැති වීමෙන් මෙය වාස්තවිකවයෙන් තොර වෙයි.
ර්ණ උැ ය්ඩැ බද අ්හ එද ජයැජන එයැ ්ජජමර්ජහ දෙ එයැ රුචදරඑග උැ ්රු බදඑ ැඩැබ ජැරඒසබ අය්එ සඑ පැ්බිල ෂෙ චිහජයදකදටහ සි එද ඉැ ් ිජසැබඑසසෙජ ැබඑැරචරසිැල ඉැය්ඩසදරසිඑි සබිසිඑැාල සඑ පමිඑ ාැ්ක අසඑය දබකහ දඉිැරඩ්ඉකැල ප්ිමර්ඉකැ ැඩැබඑි එය්එ සිල ඉැය්ඩසදර ්බා සඑි රුක්එසදබ එද එයැ ැබඩසරදබපැබඑ” මේ අනුව පැහැදිලි වන්නේ චර්යාවාදීන් මනෝවිද්‍යාව තුළ අධ්‍යයනය කරන දේ තවත් කෙනෙකුට සංවිජානනයට පාත්‍ර කළ හැකි දෙයක් විය යුතු බව දක්වයි.
ව්යූහවාදයේ හා කාර්යබද්ධ වාදයේ අදහස් වල බලපෑම චර්යා වාදයට බලපා ඇත. ර්ණ්ජජදරාසබට එද එයැ චරසබජසචකැ දෙ බ්එමර්ක ිැකැජඑසදබල සබයැරසඑැා ජය්ර්ජඑැරසිඑසජි එය්එ චරදඩසාැ ් ිමරඩසඩ්ක දර රුචරදාමජඑසඩැ ්ාඩ්බඒටැ ්රු පදරු කසනැකහ එය්බ ්කඑැර්එසඩැ ජය්ර්ජඑැරසිඑසජි එද ඉැ ච්ිිැා දබ එද ිමඉිැුමැබඑ ටැබැර්එසදබි ්බා එයමි එද ඉැ ර්ණිැකැජඑැා” දඩැර එසපැ” විලියම් ජේම්ස් ජාන පිළිබ`ද සාකච්ඡුා කර තිබේ. එය මිනිසුන්ට පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන බව දක්වා තිබේ. එසේම පරිසරයට අනුවර්තනය වීමේදී එහි පලපෑම ද යම් ප්‍රමාණයකට බලපාන බව දක්වා ඇත. ඩාවින් දැක් වූ සිද්ධාන්ත විලියම් ජේම්ස් සාකච්ඡුාවට බ`දුන් කර ඇති බව පැහැදිලි වේ. මේ අනුව චර්යාවාදයට පදනම් වූ පසුබිම ඉතාමත් යෝග්යනර පසුබිමක් විය. එය චර්යාවාදයේ බලවත් බව මෙන්ම පැවැත්ම තහවුරු කරන සාධකයක් විය.
චර්වාදය
ජෝන් බී. වොට්සන් (න්‍දයබ ඊග උ්එිදබ, 1878-1958* විසින් චර්යාවාදය ආරම්භ කරන ලදී. ‘‘වොට්සන් අන්තරාවලෝකන ක්රමයේ තියුණු විවේචකයෙකු වේ. මනෝවිද්‍යාව ස්වාධීන විෂයක් වශයෙන් දියුණු කිරීමට ඇති ප්‍රධානතම බාධකය අන්තරාවලෝකන විධික්රමය බව වොට්සන් පෙන්වා දුන්නේය.’’ අන්තරාවලෝකනය වාස්තවික නොවන නිසා මනෝවිද්‍යාව ගූඪ ස්වභාවයක් දරන අතර ස්වාධීන විෂයක් ලෙසින් ගොඩනැගීමට අන්තරාවලෝකනයෙන් තොර විය යුතු බව වොට්සන් ප්‍රකාශ කළේය. ‘‘මිනිස් චර්යාව නිරීක්ෂණ, සම්පරීක්ෂණ හා පරීක්ෂණ වැනි විද්‍යාගාර විධික්රමයන් මඟින් අධ්‍යයනය කළ හැකි සංකල්පයකි. වොට්සන්ගේ මෙම අදහස මනෝවිද්‍යා ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය. විද්‍යාත්මක මනෝවිද්‍යාවේ පදනම සකස් වූයේ චර්යාවාදී ගුරු කුලයේ ආරම්භයත් සමඟයි.’’ වොට්සන්ට මනෝවිද්‍යාව විද්‍යාත්මකව ක්‍රමවත්ව අධ්‍යනය කිරීමට අවශ්‍ය වී තිබුණි. චර්යාවාදය මනෝවිද්‍යාවේ පෙරළියක් සිදු කළේය. එහි පැවති සම්ප්‍රදායික විෂය ක්ෂේත්රය මුලූමනින්ම වෙනස් කළේය. මනස වෙනුවට චර්යාව අධ්‍යනය කිරීම මෙහිදී සිදු විය. චර්යාව යනු උත්තේජ හා ප්‍රතාචාර නිසා ඇතිවන ග්රන්ථිමය හා පේශිමය චලන රටාවක් වේ. මේ අනුව උත්තේජ හා ප්‍රතිචාර සහ සංකල්ප දෙක මත චර්යාවාදය ගොඩනගා ඇත. යමෙකු තම මානසික අනුභූතීන් අන්තරාවලෝකනය නිරීක්ෂණය කරන විට යමක් නිරීක්ෂණය කිරීමට තරම් ස්ථාවරභාවයක පවත්වා ගත නොහැකිය.පී‍්‍රතිය,කොපය වැනි අනුභූතීන් ඉහළ තත්වයක පවත්නා විට නිරීක්ෂණය කිරීමේ හැකියාවද නොලැබේ.
ජේ.බී. වොට්සන් 1913 හා 1914 යන වර්ෂවල ලියා පද කළ කෘතීන් මගින් චර්යාවාදය ඇමෙරිකාවෙහි පමණක් නොව බොහෝ යුරෝපීය රටවල ව්‍යප්ත හා ජනප්‍රිය විය වොට්සන්ට මෙම මත ගොඩනැගීමට පෙර මනෝවිද්‍යාඥයන්ගේ අදහස් බලපා ඇත. ඔවුන් අතරින් ජේම්ස් ඇන්ජෙල් ප්‍රකාශ කර ඇත්තේ ආත්මය, සවිඥානය වැනි සංකල්ප මනෝවිද්‍යාවෙන් බැහැර කළ යුතු බවයි. යෝජනා මට්ටමේ පැවැති මෙම අදහස් ප්‍රායෝගික මට්ටමට ගෙනාවේ වොට්සන්ය. ‘‘චර්යාවාදී මනෝවිද්‍යා ගුරුකුලය වොට්සන්ගේ නිර්මාණයක් වුවද එම ගුරු කුලය ගොඩනැගීම ස`දහා ඔහුට අවශ්‍ය කරන පසුබිම සකස් වූයේ ඊට දශක ගණනාවක පෙර සිටය’’ මෙහිදී ඊ.එල්. තෝන්ඩයික් හා අයිවන් පැව්ලොව් යන කායික විද්‍යාඥයින් සතුන් ඇසුරෙන් සිදු කළ පර්යේෂණ බෙහෙවින් ඉවහල් විය.
චර්යාවාදය මඟින් මිනිසුන්ගේ හා සතුන්ගේ සාමාන්‍ය චර්යාවන් පමණක් නොව සංකීර්ණ චර්යාවන් පවා අධ්‍යයනය කර ඇත. ‘‘ෂෙ ඉැය්ඩසදරසිඑි ්රු ාැ්ක ිමජජැිිමෙකකහ අසඑය ක්‍දපචකැං ඉැය්ඩසදරිල එයැහ පමිඑ ඉැ ්ඉකැ එද ැංචක්සබ ජය්බටැි සබ ඉැය්ඩසදර ඔයැ ඉැය්ඩසදරසිඑ පදඩැපැබඑ ඉැජ්පැ එයැ යැසර එද ් එර්ාසඑසදබ දෙ ්බසප්ක කැ්බසබට රුිැ්රජය එය්එ ය්ා ඉැටමබ දෙර දඑයැර රු්ිදබි’’ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මඟින් සතුන් හා මිනිසුන් අතර යම් සාම්‍යත්වයක් දක්වන ලද අතර ඒ අනුව යමින් සත්ත්වයන් පිළිබ`ද අධ්‍යයනය කරන ලද්දේ මනෝවිද්‍යාඥයන් විසිනි. චර්යාවාදය මඟින් මනෝවිද්‍යාවට මූලික සේවාවන් දෙකක් සිදු වුණි.
1. මනෝවිද්‍යාව විද්‍යාත්මක ක්‍රමය භාවිත කරන සම්පරීක්ෂණ විද්‍යාවක තත්වයට පත් කිරීමේ වැදගත්කම.
2. සත්ත්ව මනෝවිද්‍යාව හා ළමා මනෝවිද්‍යාවට මනෝවිද්‍යාවේ වැදගත් තැනක් ලබා දී සංවර්ධනයට ඉඩ සැලසීමයි.
චර්යාවාදය යුරෝපයේ ඉතා කොටි කාලයකදී ව්‍යාප්ත වීමට හේතු ගණනාවක් විය. චර්යා රටාවන් වෙනස් කිරීමේ ක්රමයන් හා න්‍යායන් හදුන්වාදීම එයට එක් හේතුවක් වන්නට ඇත. ‘‘චර්යාවාදීන්ට අනුව පුද්ගල චර්යා පාලනය කළ හැකි වේ. පුද්ගලයාට අනවශ්‍ය හෝ හානිදායක චර්යා ඔහුගෙන් ඉවත් කර මේ වෙනුවට ප්රතිචර්යාවන් පුද්ගලයා තුළ ස්ථාපනය කළ යැක. චර්යවාදී අදහස් කලින් කලට වෙනස් වූවේය. වොට්සන් චර්යාවාදය ගොඩනැගුයේ එඞ්වඞ් තෝන්ඩයික් හා අයිවන් පැව්ලොව් ඉදිරිපත් කළ මත වාද පදනම් කරගෙනය. වොට්සන්, විලයම් මැග්ඩුගල් හා වාද කිරීමෙන් පසුව වොට්සන් පරාජයට පත්වීමෙන් පසු මනෝවිද්‍යාඥයින් වොට්සන් අදහස් විවේචනය කරමින් තව මතවාද මඟින් චර්යාවාදය දියුණු කළේය. මෙම නිසා චර්යාවාදය මුල් චර්යාවාදය හා පශ්චාත් කාලීන චර්යාවදය ලෙස බෙදිය හැක. පසුකාලීනව ඊ.සී. ටෝල්මන් (1886-1961*, සී.එල්. හල් (1884-1952* හා බී.එෆ්. ස්කිනර් (1904-* වැනි මනෝවිද්‍යාඥයින්ගේ අදහස් ‘‘පශ්චාත් කාලීන චර්යාවාදය’’ යන නමින් හැදින්වේ.
මේ අනුව පැහැදිලි වන්නේ චර්යාවාදී, ගුරු කුලය විවිධ මනෝවිද්‍යාඥයන් විසින් විවිධ කාලසීමාවන් වලදී සංවර්ධනය කර ඇති බවයි. එවිට මෙහි චර්යාව හා උත්තේජය ප්‍රධාන කරගෙන විවිධ න්‍යායන් ගොඩනගා ඇත.
‘‘වොට්සන්ගේ තර්කය වූයේ, මනුෂ්‍ය සහ සත්ත්ව චර්යාවන් සියල්ල උත්තේජන-ප්‍රතිචාර සම්බන්ධතාවෙහි ප්‍රතිඵලයක් බවයි. උත්තේජනය යන පදයෙන් ඔහු අදහස් කළේ ජීවියාගේ මොළය වෙත පණිවිඩයක් යවා ඒ මඟින් ඔහුගේ ඉන්ද්‍රියන් ක්‍රියා කරවීමේ හැකියාව සහිත පරිසර බලවේගය යන්නයි. ප්‍රතිචාර යනු එවැනි උත්තේජක හේතුවෙන් ජීවියා තුළ ඇතිවන ක්රියාකාරීත්වයයි’’ වොට්සන්. පැව්ලොව්, තෝන්ඩයික් හා ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ගොඩනැගූ චර්යාවාදය මනෝවිද්‍යාවේ ප්‍රධානතම න්‍යායක් වන අතර එහි බලපෑම සාමාන්‍ය මනෝවිද්‍යාව ඇතුළු සමාජ, ළමා, කාර්මික,සත්ත්ව මනෝවිද්‍යා ක්ෂේත්රයන්ටද මනෝ ප්‍රතිකාර ක්ෂේත්රයටද විහිදී ඇත.
-ජෝන් බී. වොට්සන්- (න්‍දයබ ඊග උ්එිදබල 1878-1958*
මොහු ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකි. මොහු ජේම්ස් රෝලන්ඞ් මනෝ විද්‍යාඥයාගේ බලපෑම මත මුල් කාලීනව මනෝවිද්‍යාවද ඊට අමතරව ජීව විද්‍යාව, කායික විද්‍යාව හා ස්නායු වේදය උපවිෂයයන් වශයෙන් හදාරා ඇත. ‘‘මුලදී වොට්සන්ගේ අවධානය යොමු වූයේ සත්ත්ව මනෝවිද්‍යාව වෙතය. සතුන් සමඟ පර්යේෂණය කිරීම පහසු බවත් මිනිසා ඒ ස`දහා යොදා ගැනීම යෝග්‍ය නොවන බවත් ඔහු සැළකුවේය’’ මේ අනුව පර්යේෂණ සිදු කිරීමේදී මිනිසුන් හා සතුන් පිළිබ`ද යම්කිසි සාම්යයක්ද දුටුවේය. ඒ අනුව සතුන්ගේ චර්යාව අධ්‍යනය කරමින් සතුන් මෙන්ම මිනිසුන්ද හැසිරෙන්නේ කිසියම් නිශ්චිත පොදු රටාවකට අනුකූලව බව තහවුරු කළේය. මෙම පොදු රටාව නිරීක්ෂණය කළ හැකි අතර විද්‍යාත්මක ක්‍රම ශිල්ප මඟින් විග්රහ කළ හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත. වොට්සන්ට අවශ්‍ය වී තිබුණේ විෂය බද්ධ මනෝවිද්‍යාවක් ආරම්භ කිරීමයි. එනම් නිරීක්ෂණයට භාජනය කළ හැකි උත්තේජ හා ප්‍රතිචාර යන චර්යාත්මක ක්‍රියා විෂය බද්ධව විශේෂයෙන් හදුන්වා දීමටය. මේ අනුව ඔහු මනස, ආත්මය හා විඥානය යන සංකල්ප තම විෂය ක්ෂෙත්රයෙන් බැහැර කළේය. වොට්සන්ගේ චර්යාවාදය ප්‍රධාන පසුබිම් කරුණු 3 ක් අනුව බිහි වී ඇත.
1. සියළු දැනුම විෂය මූලික විය යුතු අතර නිරීක්ෂණයට භාජනය කළ හැකි දැනුම පමණක් සත්‍යය යන පදනම.
2. පෙර මනෝවිද්‍යාඥ මත අනුව සවිඥානය හා ආත්මය යන සංකල්ප බැහැර කළ යුතු බව.
3. සතුන්ට මනසක් ඇති බව පරිණාමවාදයට අනුව ඇතැම් මනෝවිද්‍යාඥයන් පැවසූ ප්‍රකාශයන් ප්රතික්ෂප කිරීමේ ප්‍රවණතාව.
මෙම පසුබිම මත සිට යමෙකුට ලැබෙන බාහිර උත්තේජ අනුව ප්‍රතිචාර දැක්වීම තුළින් ඔහුගේ චර්යාවේ හා ජීවිතයේ ස්වභාවය පෙනෙන බව වොට්සන්ගේ අදහසක් වේ. ‘‘මට නිරෝගී දරුවන් 12 දෙනෙකු පමණ ලබා දෙන්න. මම ඔවුන්ගෙන් ඕනෑම කෙනෙකු මාගේ මනෝවිද්‍යා ලෝකයේදී ඔහුගේ සහජ දක්ෂතා, අශාවන්, ප්රවණතා ත්වත්වත්වත්ව හැර ඕනෑම කෙනෙකු බවට හැඩ ගස්වා දීමට පොරොන්දු වෙමි’’ මෙය වොට්සන්ගේ පරිසර වාදය අනුව වොට්සන් කළ ප්‍රකාශයකි. යම්කෙනෙකු වෙනස් කිරීමට හා උසස් කිරීමට බලපාන පරිසරය (උත්තේජකය* පමණක් දැක්වීමක් ලෙසද, හැදික්විය හැක. වොට්සන් චර්යාවාදය අධ්‍යයනය කිරීමේ දී විධික්රම රාශියක් යොදාගෙන ඇත.
1. උපකරණ ආධාරයෙන් හෝ උපකාරන රහිතව නිරීක්ෂණය කිරීම.
2. ආරෝපිත ප්රතීක ක්‍රියා විධි ක්‍රමය.
3. සියල්ල සටහන් කිරීමේ විධික්රමය.
4. පරීක්ෂා විධික්රමය.
මූලික විෂය ක්ෂේත්රය චර්යාව හා සම්බන්ධ වන අතර එය පේශි චලනය හෝ ග්‍රන්ථික ශ්‍රාවය විට වැනි ක්‍රියාමගින් ජීවියා පරිසරයට සරිලන සේ හැඩගැසෙන බව වොට්සන් දක්වා ඇත. චිත්තවේග, හැගීම් හා සිතුවිලි යන මේවා විෂය මූලික හෙවත් උත්තේ්ජ ප්‍රතිචාර ලෙස මොහු දක්වයි.
ජේ.බී. වොට්සන් තම චර්යාවාදී මත ඉදිරිපත් කර එය වර්ධනය කළේ ග්රන්ථ හා ලිපි මඟිනි ඔහු 1913දී ‘‘චහිජයදකදටහ ්ි එයැ ඉැය්ඩසදරසිඑ ඩසැඅි සඑ’’ යන ලිිපියද 1914දී ඉැය්ඩසදරත ්බ ෂබඑරදාමජඑසදබ එද ක්දපච්ර්එසඩැ චිහජයදකදටහ යන කෘතියද 1919දී චිහජයදකදටහ රෙදප එයැ ිඒබාචදසබඑ දෙ ඉැය්ඩසදමරසිඑ යන කෘතිය මඟින් ද තම මත ප්‍රතිචාර කළේය. මෙම ග්රන්ථ වලදී ඔහු ඊට පෙර මනෝ විද්‍යාවේ සවිඥානික කොටස් ලෙස සැලකු දේ ප්රතික්ෂෙප කර ඇත. ‘‘මුලදී වොට්සන් මිනිසා තුළ ආශය ඇති බව ප්‍රකාශ කළත් පසුව 1925 දී මෙම අදහස් ප්රතික්ෂ්ප කළේය. සතුන් තුළ ඉව ඇති බව කීවේය. මිනිස් චර්යාවේ ආශය, උපයෝගී කරගෙන මිනිස් ක්‍රියා කරන්නේ යැයි සලකන සෑම දෙයක්ම ඔහු කරන්නේ සමාජීය තත්ත්වාරොපිත ප්‍රතිචාර මඟින්, ආශය නැතිබව, ආදරයෙන් ඇතිවන සියලූ හැකියාවන් හා මන: ප්රකෘතින් ප්රතික්ෂෙප කළේය’’
චිත්තවේග යනු උත්තේජවලට ඇතිවන ශාරීරික වෙනස්කම්ය. නපුරු බල්ලෙක් තමන් පසුපස එළවාගෙන එනවිට හෘද ස්පන්දනය වැඩිවන්නේ, බියවන්නේ, මුහුණ රතුවන්නේ තත්ත්වාරෝපිත ප්‍රතිචාර මඟින් බව වොට්සන් පවසා ඇත. බිය, ආදරය හා තරහව වැනි ප්‍රධාන චින්තවේග තුනක් මත අනෙකුත් චිත්ත වේග ඇතිවන බව ඔහු දක්වයි.
නිශ්චිත - කෙලින්ම නිරීක්ෂණය කළ හැකි චර්යාව
ව්‍යංග - ශරීර අභයන්තරයේ සිදුවන චර්යාවන් (උපකරන ආශ්රයෙන් නිරීක්ෂණය කළ හැක*
ස්වභාවික - සාමාන්‍යයෙන් ඇතිවන චර්යාව
ආරෝපිත - ඉගෙන ගත යුතු චර්යාව
වොට්සන් පැහැදිලි කරන ආකාරයට ප්‍රතිචාර ප්‍රකාශිත (ෑංචකසජසඑ* හා ව්‍යංග (ෂපචකසජසඑ* වශයෙන් දිවි වැදෑරුම් වේ. ප්‍රකාශිත ප්රතිචාරයන් ලෙස හැදින්වෙන්නේ අපගේ සංවිජානයට කෙලින්ම හසුවන ප්රතිචාරයකි. චොකලට් කැබැල්ලක් කෑම, ගැටළුවක් විසදීම ආදී සියල්ල සංවිජානතයට හසුවන ප්‍රතිචාර වේ. නමුත් සමහර චරියාවන් සංවිජානයට හසු නොවේ. ශරීර අභ්‍යන්තරයෙහි මාංශ පේශී හැකිලීම වැනි දේ ව්‍යංග චර්යාවන් වේ.
වොට්සන්ගේ චර්යාවාදය ස්වභාවිකත්වය ඉක්මවූ යාන්ත්රිකමය ස්වරූපයක් ගත් නිසා එහි විද්‍යාත්මක බව මෙන්ම ප්‍රායෝගික බවද හීන වී ගියේ ය. මේ නිසාම 1924.02.05 වැනි දින ප්රතිගාමී විලියම් මැක්ඩුගල් (1871-1938* සමඟ වාදයකට පැමිණි වොට්සන් පැරදිණි. නමුත් මැක්ඩුගල්ගේ න්‍යායන් ඉතා කෙටි කලකින්ම ප්රතික්ෂෙප විය. මැක්වුගල් ජන්මයෙන් උරුමකර ගන්නා සහජාශාවන් (ෂබිඑසබඑි* චර්යාවේ ප්‍රධාන බලවේගය බව පැවසීය. නමුත් මනෝවිද්‍යාව නවතම මාවතකට රැුගෙන ගිය වොට්සන් සමකාලීන මනෝවිද්‍යාඥයන් වැදගත් කොට සැළකීය.
එඞ්වඞ් තෝන්ඩයික් (ෑාඅ්රා ඔයදරබාසනැල 1874-1949*
මොහු ඇමෙරිකානු මනෝවිද්‍යාඥයෙකි. මොහු චර්යාවාදී පර්යේෂණවල නියැළුණේය. ලෝකයේ පළමු වරට සත්ත්ව මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් පිහිටුවීය. කුඩා දරුවන්ගේ කතා කිරීමේ ක්‍රියාවලියේදී අදාළ ඉන්ද්රිය ක්‍රියා කාරීත්වය පිළිබ`දව පර්යේෂණ කළ හෙතම පසුව කුකුළු පැටියන් යොදාගෙන පර්යේෂණ සිදු කර ඇත. ‘‘ ඔයදරාසනැ’ි රුිමකඑි කැා යසප එද රුබදමබජැ එයැ දකාැර ඩසැඅ දෙ එයැ ්බැජාදඒක චිහජයදකදටසිඑි එය්එ ්බසප්ක රු්ිදබත ්බසප්ක කැ්රබල යැ ි්සාල ිදකැකහ එරස්ක ්බා ැරරදරල රුඅ්රා ්බා චමබසියපැබඑ ’’ සතුන් වැරදීමෙන් හා පුහුණුවෙන් ඉගෙන ගන්නා හෝ නිවැරදි චර්යාව තොරා ගන්නා බව තෝන්ඩයික් ප්‍රකාශ කළේය. ීඑසපමකස (උත්තේජ* → ඍැිචදබිැ (ප්‍රතිචාරය* යන න්‍යාය පදනම් කරගත්තේය. ‘‘සතුන් ස්වංක්‍රීය හෙවත් ප්රතීක බලපෑම (රුකෙැං* මතම හැසිරේ යැයි තිබු මතවාදය මෙයින් බිදී ගිය අතර බුද්ධි වර්ධනය කෙරෙහි බාහිර පරිසරය හා ගැටීම තීරණාත්මක බවද හෙළි කළේය. මානසික සංඝටන (්ිිදජස්එසදබ* තුළින්ම බුද්ධි වර්ධනය සිදුවේය යන සාම්ප්‍රදායික මතය මේ අනුව දුර්වල වූයේය’’
තෝන්ඩයික් ප්‍රතිඵල න්‍යාය මඟින් චර්යාවාදයේ න්‍යායාත්මක පසුබිම සකස් වීමට උදව් වූවේය. යම් ක්‍රියවක් කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබේ නම් එම ක්‍රියාව ස්ථාවර වන බව ඔහු පවසයි.’’ ‘‘ඔයදරබාසනැ ීමපප්රස‘ැා යසි ඩසැඅි සබ එයැ ක්අ දෙ ැෙෙැජඑත දෙ ිැඩැර්ක රුිචදබිැි ප්ාැ එද එයැ ි්පැ ිසඑම්එසදබල එයදිැ අයසජය ්රු ්ජජදපච්බසැා දර ජකදිැකහ දෙකකදඇා ඉහ ි්එසිේජඑසදබ එද එයැ ්බසප්ක අසකකල දඑයැර එයසබටි ඉැසබට ැුම්කල ඉැ පදරු සෙරපකහ ජදබබැජඑැා අසඑය එයැ ිසඑම්එසදබල ිද එය්එත අයැබ සඑ රුජමරිල එයැහ අසකක ඉැ පදඩැ කසනැකහ එද රුජමර” මොහු තත්ත්වාරෝපණ න්‍යාය (දචැර්බඑ ජදබාසඑසදබසබට* හදුන්වා දීම කළේය. සත්වයා ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ පැවැත්මට බලපාන උත්තේජයකට පමණි. චර්යාවන් ඉගෙනුමට බලපාන සාධක රාශියක් තේන්ඩයික් පෙන්වා දුන්නේය.
1. තැත් වැරදි ඉගෙනුම 3. උද්යතා සිද්ධාන්තය
2. අභ්‍යස 4. ත්‍යාග හා දඩුවම්
කිසියම් උත්තේජයකට කීපවරක් ප්‍රතිචාර දක්වා වැරදීම් හා උත්සාහය තුළින් චර්යාවන් ඉගෙනගැනීම තැත් වැරදි ක්‍රමයයි. අභ්‍යාස යනු උත්තේජ හා ප්‍රතිචාර සම්බන්ධයෙන් නිතර නිතර අභ්‍යාස කිරීමෙන් එම ඉගෙනුම තහවරු කිරීමයි. උද්යතා සිද්ධාන්තට අනුව ඇතැම් ඉගෙනුම් වඩා වේගයෙන් හා වඩා හො`දින් ඉගෙන ගන්නා බවයි. මේ ස`දහා පූර්ව ඉගෙනුම් හා පුද්ගල පරිනතිය ඒ ස`දහා බලපායි. ත්‍යාග හා දඩුවම් සිද්ධාන්තයෙන් ත්‍යාග ලබාදීම හා දඩුවම් ලබාදීම මඟින් ඉගෙනුමක් පහසුවෙන් තහවුරු කළ හැකි බවයි.
වොට්සන් මෙන්ම මොහු ද මනස යන්න, ඒ හා සම්බන්ධ සංඝටනයන් මොහු ප්රතික්ෂෙප කළේය. සතුන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය නම් සත්වයාගේ ඉන්ද්‍රීය දැනුමේ හෝ සංවේදනයේ හැකියාව, උගේ ඉව, සංඝටන හා අනුභූතියෙන් උන් ඇති කරන ප්‍රතික්‍රියාවක් ලෙයසි. තිරිසන් සතුන්ට ඥානයක්, නර්තන හැකියාවක් හෝ උපකල්පනය කිරීමේ හැකියාවක් හො එකහා සමාන දෙයක් සංජානනය කිරීමක් හෝ අනුගමනය කිරීමක් ඇතැයි යන්න තෝන්ඩයික් ප්රතික්ෂෙප කළේය. ‘‘මනසේ ක්රියාකාරීත්මය යනු ඉන්ද්‍රීය සංවේදනය, ප්රතීක ක්‍රියා හෝ උත්තේජකයන්ට දක්වන ප්රතිචාරයන් පමණි’’ සතුන්ගේ චර්යා රටා හා සත්ත්ව බුද්ධිය සම්බන්ධයෙන් තොන්ඩයික් කළ පර්යේෂණ මනුෂ්‍යයාගේ චර්යා රටා හා බුද්ධිය පිළිබ`ද මනෝවිද්‍යා ඥානය වර්ධනය කිරීමට ඉවහල් විය. මෙම ඥානය නූතන අධ්‍යාපන, මානසික ප්‍රතිකාර, සමාජ මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍ර වලදීද යොදා ගනු ලැබේ.
අයිවන් පෙට්රොවිට් පැවලොව් (ෂඩ්බ ඡුැරදඩසඑජය ඡු්ඩකදඩල 1849-1936*
මොහු හෘදය, මොළය ආශ්රිත ස්නායු පද්ධතිය පිළිබ`ද පර්යේෂණ සිදු කර ඇත. ස්වාභාවික හෙවත් අනාරෝපිත උත්තේජකයකට උගත් හෙවත් ආරෝපිත ප්‍රතිචාරයක් සම්බන්ධ කිරීම මඟින් නව චර්යාවක් බිහිකර ගත හැකි බව මොහු පැවසුවේය. මොහුගේ මතවාද අතර (චදිසඑසඩැ රුසබ දෙර දෙරජැපැබඑ* සාමාන්‍යකරණය හා නිරුද්ධකරණය (භැට්එසඩැ රුසබදෙරජැපැබඑ*, නිරුන්ධනය, නොසලකා හැරීම වැදගත්වේ. සාමාන්‍ය කරණය යනු කිසියම් උත්තේජයකට දක්වන ආරෝපිත ප්‍රතිචාරයක් සමාන ආරෝපිත ප්රතිචාරයන් සමාන ආරෝපිත උත්තේජ රාශියකට දැන්වීමය. අනෙක් අතට නිරුද්ධකරණයෙන් අදහස් කරන්නේ ආරෝපිත උත්තේජකය සහ ආරෝපිත ප්‍රතිචාරයක් අතර ඇති සම්බන්ධය බි`ද හෙලීම හෙවත් උගත් චර්යාවන් අහෝසි කිරීමය.
පැව්ලොව් 1902 දී බල්ලෙකු යොදා ගනිමින් ජීවියාගේ ජීරණ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය සහ ඛේඨය වැගිරීමේ ක්‍රියාව අතර ඇති සම්බන්ධය පිළිබ`දව පර්යේෂණයක් සිදු කළේය. එයින් කෙළ වැගිරීම හා මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාව සොයා ගත්තේය. බල්ලෙකුගේ ඛේඨ ග්‍රන්ථය මතුකර නාලයක් එයට සවිකර හුදකලා පරිසරයකට යොමු කර කුසගින්නේ සිටින විට ඌට මස් දෙන ලද අතර එහිදී ඌ කළබලකාරී ලෙස හැසිරිණි. මීලඟට බල්ලාට මස් දෙන විට කීපවතාවකදීම සීනුවක් නාද කෙරුණි. පසුව මස් නොමැතිව සීනුව පමණක් නාද කළ විට බල්ලා කලබල වී ඛේඨය ගුරුවේය. මෙසේ ස්වාභාවික උත්තේජකයකට ඛේඨය වැගිරීම සාමාන්‍ය දෙයක් වන අතර බල්ලා සීනුව පමණක් නාද කරන විට ඛේඨය වැගුරුවේ ආහාර ලැබෙන බව දැන ගත් බැවිනි. එය උගත් චර්යාවකි. මස් ස්වභාවික උත්තේජයකි (අනාරෝපිත*. මස් ස`දහා කෙළ වැගිරිම අනාරෝපිත ප්රතිචාරයයි. සිනු නාදය නිෂ්ක්‍රීය උත්තේජකයකි.
→ → →
ආරෝපනයට පෙර තත්ත්වය
→
→ ආරෝපනයේදී
→ ු ඉගෙනුම හෙවත් නව චර්යාව
උත්තේජ ප්‍රතිචාර ක්‍රියාවලිය ස්නායුක ක්‍රියාකාරීත්වය සහභාගීත්වයක් හෙළි කළ මෙයින් මනෝවිද්‍යාත්මක සම්පරීක්ෂණ ක්ෂෙත්රයෙහි මෙය විශාල දියූණුවකට හේතු විය. මිනිසුන්ද ආරෝපණයෙන් බොහෝ දේ ඉගෙන ගන්නා බව දක්වන ජේ.බී. වොට්සන් කුඩා ළමයෙකුට සාවෙකු ඉදිරිපත් කර බියජනක ශබ්දයක් ඇසෙන්නට සැලැස්වූ අතර පසුව ළමයා සාවකු දුටු පමණින් බිය වූ බව දක්වා ඇත. පැව්ලොව් හා සගයින් විසින් ආරෝපිත ප්‍රතිචාරයට අමතරව නිරුද්ධිය, ස්වයංසිද්ධ පුනර්ප්රාප්තිය, විචලනය වැනි ක්ෂේත්‍ර පිළිබ`දවද පර්යේෂණ සිදු කර ඇත.
බර්හස් ෆෙඞ්රික් ස්කිනර් (ඊමරරය්ි ත්රුාැරසජන ීනසබබැරල 1904*
ෆෙඞ්රික් ස්කිනර් 1930 දශකයේදී චර්යාවදයට නව ජීවයක් ලබා දුන්නේය. ‘‘අනුභූතිවාදී ක්‍රමයක් මඟින් චර්යාවාදය දියුණු කිරීමට ස්කිනර් වෙත කැමැත්තක් තිබුණි. උත්තේජකයන් සහ ප්රතිචාරයන් අතර මැද වෙනත් කිසිදු සිදුවීමක් නොමැති බව අවධාරණය කළ මොහු මිනිස් ඥානය ගොඩනැගෙන්නේ උද්ගමනවාදී ක්‍රමයකට බව තර්ක කළේය.’’ ස්කිනර් තෝන්ඩයික්ගේ ඉගෙනුම් න්‍යයන් විධිමත් කරමින් ප්රකාරක චර්යාවාදය නමින් මනෝවිද්‍යා න්‍යායක් ගොඩ නැගුවේය. ‘‘පැව්ලොව්ගේ සම්භාව්‍ය අරෝපන න්‍යාය මගින් විස්තර කළ හැක්කේ ජීවිතයේ සරළ ඉගෙනුම් පමණක් බව පෙන්වා දුන් ස්කිනර් උපස්ථම්භන සංකල්පය මඟින් වඩා සංකීර්ණ ඉගෙනුම්ද විග්රහ කළ හැකි බව පෙන්වා දුන්නේ ය.’’ යමෙකු උත්තේජකයකට ප්‍රතිචාර දැක්වීමේදී ඵලයට (ඍැඅරා* යටත්වීම තෝන්ඩයික් සාමාන්‍යයෙන් තේරුම් ගත්තාක් මෙන් ස්වයංක්‍රීයව වන දෙයක් නොවන අතර එය උත්තේජක ප්‍රතිචාර හා ඵලය අතර සම්බන්ධතාව තේරුම් ගැනීම තුළිින් සිදුවන්නක් බව ස්කිනර් පැහැදිලිි කළේය.
ස්කිනර් තම පර්යේෂණාගාරයේ මියන්, පරවියන් වැනි සතුන්ගෙන් යුතු (ිනසබබැර ඉදං* ස්කිනර් පෙට්ටිය පර්යේෂණ ස`දහා යොදා ගන්නා ලදී. ස්කිනර් පරවියෙකු පෙට්ටය තුළට දමා තමාට අවශ්‍ය ආහාර ලබා ගැනීමට අවශ්‍ය වූ විට නියමිත දොරටුව හොටින් විවිර කර ගැනීමෙන් අවශ්‍ය දේ ලබා ගැනීම තුළින් තම මතය ස්ඵුට කළේය. ආහාර ලබා ගැනීම නිසා දොරටුවට කෙටීම හෙවත් ඊට හේතුවන චර්යාව ස්ථම්භනය වීම (ඍැසබදෙරජැපැබඑ* නිසා සිදුවන අතර ආහාරය ස්ථම්භක සාධකයයි (ඍැසබදෙරජැ*ආහාරය ස්ථිම්භකය වන්නේ ආහාර ලබා ගැනීමට අවශ්‍ය චර්යාව (ඍැිචදබිජ* නැවත නැවත කිරීමට පොළඹවන උත්තේජකය නිසාවෙනි. අභ්‍යාස සිද්ධාන්තයෙන් එය නැවන නැවත කිරීමෙන් එය තහවුරු වෙයි. ස්්කිනර්ට අනුව මෙම ස්ථම්භකය ධනාත්මක ස්ථම්භකයක් (චදිසඑසඩැ ඍැසබදෙරජැර* වේ. අප්‍රිය බලපෑමක් ඉවත් කර ගැනීමට තුඩු දෙන උත්තේජක සෘණ ස්ථම්භක (භැට්එසඩැ ඍැසබදෙරජැර* ලෙස හැදින්වේ. දඩුවමක් මඟින් යම්කිසි චර්යාවක් අඩු කිරීම හෝ නැවතීම සිදු කරයි. ලැබෙන දඩුවම වැළැක්වීමට හො වැළැක්වෙන පරිදි යම් ක්‍රියවක් කෙරේ නම් එම දඩුවම සෘණාත්මක ලෙස ස්ථම්භනය වූ උත්තේජකයක් ලෙස සැළකේ.
ස්කිනර් මෙම මතයන් ‘‘ීජසැබජැ ්බා යමප්බ ඊැය්ඩසදමර’’, ‘‘ඔැ්ජයසබට ප්ජයසබැි’’, ‘‘ඪැරඉ්ක ඉැය්ඩසදමර’’ යන ආදී ග්රන්ථ වලින් හෙළි කළේය. වේදනාව, ආහාර, ජලය වැනි උත්තේජකයන්ට ජීව විද්‍යාත්මකව ප්‍රතිචාර දක්වන බව පැවුලොව් ප්‍රකාශ කළ මතයට වඩා සංකීර්ණ තත්වාරෝපණයන් (ධචැර්එ ක්්බාසඑසදබසබට* සිදු වන බව දක්වයි. ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රතිඵල මත පිහිටා මිනිසා හෝ සත්වයා තම ඉච්ඡුානුගත හො මනාප (ඪදකමබඒරහ* චර්යාවන් ශක්තිමත් හෝ දුර්වල කර ගනී. පුද්ගලයා තමාට අවශ්‍ය දේ ලබා ගැනීමට පරිසරයට බලපෑම් කරයි.
සත්වයන්ට යම් චර්යාවක් පුරුදු කිරීමට ක්‍රමානූකූලව දාමයක් මෙන් (ක්ය්සබසබට ඉැය්ඩසදර* උත්තේජක මගින් හුරු කළ හැකි බව දක්වයි. මීයෙකු යොදා ගනිමින් ක්‍රමානුකූලව ස්කිනර් චර්යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කර ඉගෙන ගැනීමට සලස්වා ඇත. ඉහත පරීක්ෂණය ඔහු මෙලෙස සිදු කර ඇත.
‘‘ඔද චරදාමජැ ජදපදකැ‘ ිැුමැබජැි දෙ ඉැය්ඩසදරල චිහජයදකදටසිඑි මිැ ් චරදජැාමරු ජ්කකැා ජය්සබසබටග ්ිිමපැ එය්එ හදම අ්බඑ එද එර්සබ ්බ ්බසප්කල චැරය්චි ් ටමසාැ ාදට දර ් ියදඅ යදරිැල එද ටද එයරදමටය ් ිැුමැබජැ දෙ ්ජඑසදබි සබ ් ච්රඑසජමක්ර දරාැර’’ මිනිසාද මේ අයුරින්ම ආහාර ගැනීම සම්බන්ධව චර්යාවන් දාමයක් ලෙස චර්යාවන් ඉගෙන ගන්නා බව ස`දහන් වේ.
ස්කිනර් පෙන්වා දෙන පරිදි ඇතැම් ස්ථම්භනයන්ට ප්‍රතිචාර ලැබීමට සැළකිය යුතු වේලාවක් ගත වේ. ඒවා සෙංැා-ෑබඑැරඩ්ක ිජයැාමකැ ලෙස හැදින්වේ. ස්ථම්භනය (ඍැසබදෙරජැපැබඑ* වීම යම්කිසි වේලාවකින් පසුව සිදුවන අතර මෙම දෙක අතර නිශ්චිත වේලාවක් නැත. ඒ්වා ඩ්රස්ඉකැ - ෂබඑැරඩ්ක ිජයැාමකැ ලෙසද හැදින්වේ. මීට අමතරව සෙංැා - ර්එසද ිජයැාමකැ හා ඩ්රස්ඉකැ සබඑැරඩ්ක ලෙසද ස්ථම්භනය (ඍැසබදෙරජැපැබඑ* වර්ගීකරණය කර ඇත.
ස්කිනර් පෙට්ටියේ (ිනසබබැර ඉදං* පරවියෝ හා මීයෝ ප්‍රකාර තත්වාරෝපණය මගින් නියමිත වේලාවට ආහාර ගත්හ. මෙම න්‍යායන් මිනිස් චර්යාව අවබෝධ කර ගැනීමට පමණක් නොව අවශ්‍ය අකාරයකට හැඩ ගැසීමටද වත_මානයෙහි යොදා ගැනීමෙන් මෙහි ප්‍රායෝගික බව මැනවින් ප්‍රකට වේ.
චර්යාවදයට එල්ල වූ විවේචන
ජේ.බී. වොට්සන් මනෝවිද්‍යාව තුලවිශාල පෙරළියක් සිදු කළද ඔහුගේ අදහස් විවේචනයට ලක් විය. ප්‍රධාන වශයෙන් විවේචනයට ලක් වූයේ විඥානය පිළිබ`ද සෙවීම මනෝවිද්‍යඥයා අත්හල යුතු බව යන අදහසයි. මිනිසාගේ හැසිරීම දෙස බැලීමෙන් වේදනා ආදී අනූභූතීන් පිළිබ`දව දැන ගත නොහැකි බව මනෝවිද්‍යාඥයන් පමණක් නොව දාර්ශනිකයන්ද පෙන්වා ඇත.
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාඥයන් පවසන අන්දමට විඥානය පිළිබ`ද පැරණි අන්තරාව ලෝකනය තුළ වැරදි සිදු වූවේනම්, මනෝවිද්‍යාඥයා කළ යුත්තේ අන් ක්‍රමයකින් ඒ පිළිබ`දව අධ්‍යයනය කිරීමයි. උත්තේජ හා ප්‍රතිචාර මඟින් පමණක් හැසිරීම තේරුම් ගත නොහැකි බව ඔවුන්ගේ තර්කය විය. මෙම විවේචනයන් අතරින් ඇතැම් විවේචන පශ්චාත් කාලීන චර්යාවාදීන් විසින්ම එල්ල කර ඇත.
‘‘වොට්සන්ගේ චර්යාවදය මේ ආකාරයට ස්වාභාවිකත්වය ඉක්මවූ යාන්ත්රිකමය ස්වරූපයක් ගැනීම එහි විද්‍යාත්මක මෙන් ම ප්රායෝගිකභාවය හීන වීමට හේතුවක් වූවේය.’’ උත්තේජ හා ප්‍රතිචාර මත පදනම්ව න්‍යායන් ගොඩ නැගීම චර්යාවදය විවේචනයට හේතු විය. ගෙස්ටෝට්වාදී කර්ට් ලෙවින් (ජමරඑ කැඅසබල 1890-1947* පුද්ගල චර්යාවට පේ‍්‍රරණ බලපාන අතර සමහර විට එම පේ‍්‍රරණ එකිනෙකට පටහැනිව ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීම චර්යාවදය විවේචනය කරන්නක් විය. සමකාලීන වෙනත් විද්‍යාත්මක හා ප්‍රායෝගික අවශ්‍යතාවයන් පූරණය කර ගැනීමට චර්යාවාදය ප්‍රමාණවත් නොවීම මෙහි දුර්වලතාවයක් විය. ෆෙඞ්රික් ස්කිනර් ඇතුළු චර්යාවාදී මනෝවිද්‍යාඥයන්ගේ දුර්වලතාවක් වූයේ උත්තේජ ප්‍රතිචාර වලට දැක්වූ අවධානය මානසික ක්‍රියාවලියට නොදැක්වීම මෙහි පැවති දුර්වලතාවක් විය. මනස පිළිබ`දව හා එහි කොටස් පිළිබ`දව බොහෝ සාධක, තොරතුරු ඒකාරාශී වී තිබීම චර්යාවාදයේ විවේචනයට තවත් හේතුවක් වී ඇත. ස්කිනර්ට අනුව සියලූම චර්යාවන් ප්රකාරක ආරෝපණය නිසා උත්ගතවන බවයි. නමුත් ඇතැම් චර්යාවන් (වේදනාව ගෙන දෙන සපත්තුවක් ගැලවීම වැනි* කරණුයේ කලින් සකස් කරනු ලැබූ සැළසුමක් අනුව නොවේ. එසේම මෙහුනට අනුව කිසිම චර්යාවක් නිදහස් නැත. පෙට්ටියක බහාලූ පරවියකු උපයෝගී කරගෙන පරවියා ප්‍රතිචාර දක්වන තෙක් නොසිට පරවියා ප්‍රතිචාරය වෙත ගෙන ඒමට කළ උත්සාහයක් ලෙස ප්‍රතිචාර හැඩ ගැස්වීම සැළකිය හැකිය. මෙසේ චර්යාවාදී මත විවේචනයට ලක් වී ඇත.
පශ්චාත් චර්යාවාදීහූ
චර්යාවාදයට එල්ල වූ විවිධ විවේචන වලින් මුදා ගැනීමට හා එහි ඌණපූරණය කළ මනෝවිද්‍යාඥයන් දෙදෙනෙකු ලෙස එඞ්වඞ් ටෝල්මන් (ෑාඅ්රා ඔදකප්බල 1886-1959* හා ක්ලාක් හල් (ක්කැරන ්ය්කකල 1884-1952* වැදගත් වේ. ටෝල්මාන් ප්රජානන මනෝවිද්‍යාවේ (ජදටබසඑසඩැ චිහජයදකදටහ* නිර්මාතෘවරයා ලෙස සැළකේ. ඔහු චර්යාවාදයට නිෂ්ඨාමූලික චර්යාව (චමරචදිසඩැ ඉැය්රසදමර* හදුන්වා දුන්නේය. ඒ අනුව ිඑසපමකස → ඍැිචදබිැ(උත්තේජ-ප්‍රතිචාර* යන සෘජු සම්බන්ධතාව අතරට මානසික ක්‍රියාවලිය එක් වූවේය. 1932 දී ‘‘චමරචදිසඩැ ඊැය්ඩසදර සබ ්බසප්කි ්බා පැබ’’ යන ටෝල්මන්ගේ කෘතියෙන් සතුන් හා මිනිසුන් සරළ ලෙස උත්තේජකයට ප්‍රතිචාර දක්වනවා නොව තම චර්යාව, අරමුණු හා පරමාර්ථ වැනි අභිමතාර්ථ ඔස්සේ සකස් කර ගන්නා බව පැහැදිලි කර ඇත. චර්යාවට අදාල මානසික ක්‍රියාවලියට චරදඉකැපල ිදකසඩසබටල රු්ිදබසබටල රුජදටබස‘සබටල ්එඑැබඑසදබල ඉැමි්එසදබල චැරජැචඑසදබල පැපදරහ යන එ්වා ඇතුළත් වේ. මේ අනුව කලින් පැවැති ී → ඍ සංකල්පය මැදට ී□:□:→┴ද ** ඍ යන්න බවට පත් විය.
ක්ලාක් හල් ද මිනිසා ඇතුළු සියළු සත්වයන්ගේ චර්යාවට අදාළ මානසික ක්‍රියාවලියට වැදගත් කමක් ලබා දුන්නේය. පිපාසය, කුසගින්න වැනි අවශ්‍යතා පුරණය කර ගැනීමට පෙළඹීම පේ්රරණයයි. ස්තවයා පේ‍්‍රරණ අවම වන ආකාරයට (ෘරසඩැ ඍැාමජඑසදබ* හැසිරීම අභිපේ්රරණයේ (ඵදඑසඩ්එසදබ* ප්‍රධාන ලක්ෂණයයි. හල්ගේ මෙම අභිපේ්රරණ වැනි සංකල්ප පිළිබ`ද අදහස් වත_මානයේ දී පවා ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වේ.
සමාලෝචනය
මනෝවිද්‍යාව මුල් කාලීනව දර්ශනය තුළ ව්‍යාප්ත වී තිබුණි. එහිදී මනස වෙනුවට මුල් කාලීනව ආත්මය, සවිග්රඥානය වැනි සංකල්ප පිළිබ`දව විමර්ශනය කර ඇත. පසුව රෙනේ ඬේකාට් විසින් (ඍැබැ ෘ්ිජ්රඑැි* ඇති කළ කාය චිත්ත ගැටළුව හා ප්‍රැන්සිස් බේකන් විසින් ආරම්භ කළ විද්‍යාත්මක විධි ක්‍රමය වැනි ශිල්පීය දියුණු ලක්ෂණ නිසා මනස පිළිබ`ද අධ්‍යනය කළ අතර පසුව එය මනෝවිද්‍යාව බවට පත්විය. මනෝවිද්‍යාවේ පරිවත_නයක් සිදුවීමට විද්‍යාත්මක විධික්රමය මෙන්ම චාල්ස් ඩාවින්ගේ (ක්‍ය්රකැි ෘ්රඅසබ* ඔයැ දරසටසබ දෙ ිචැජසැි යන කෘතියේ දැක්වූ පරිණාමවාදය පිළිබ`ද මතය මනෝවිද්‍යාවට තදින් බලපෑවේය. ඒ අනුව සතුන් හා මිනිසුන් අතර කිසියම් සාම්‍යයක් තිබෙන බව අවබෝධ කරගත් මනෝවිද්‍යාඥයන් සතුන් ස`දහා කළ පර්යේෂණ මිනිසුන්ටද අදාළ කළේය. එසේම සතුන් පිළිබ`ද අධ්‍යනය කරන්නට පටන් ගත්තේය. 1850 දී පමණ ඨමිඒඩ ත්ැජයබැර සම්පරීක්ෂණ ක්‍රමය දියුණු කළේය. ඩාවින්ට සමකාලීනව වොල්ෂ් හා එංගල්ස් විසින්ද පරිණාමවාදය පිළිබ`දව විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී.
මෙම කාලය වන විට භෞතික විද්‍යාව වැනි විෂයයන් දියුණු තත්වයක පැවැති අතර මනෝවිද්‍යාවද පැහැදිලි ලෙසම දර්ශනයෙන් වෙන්්වූයේ විල්හෙල්ට් වුන්ඞ් (උසකයැකප උමබාඑ* 1879 දී ජර්මනියේ ලිප්සිග් (ඛැසච‘සට* නුවර මනෝවිද්‍යා පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීමෙනි. මෙහිදී මනස පිළිබ`ද අධ්‍යනය කිරීමට විවිධ විද්‍යාත්මක උපකරන පවා භාවිත විය. මෙය ඩාවින්ගේ බලපෑම පැහැදිලිවම දක්නට ලැබෙන තවත් වැදගත් අවස්ථාවකි. විල්හෙල්ට් වුන්ඞ් විසින් ව්‍යුහවාදය (ීඑරමජඑමර්කසිප* ආරම්භ කළ අතර ඒ මඟින් සවිඥානය පිළිබ`ද ව්‍යුහ (කොටස්* වශයෙන් අධ්‍යනය කළේය. මෙම මතවාදය ටිච්නර් (ෑාඅ්රා ඔසඑජයැබැර* නමැති වුන්ඞ්ගේ සහායක මනෝවිද්යායා විසින් ද ව්‍යාප්ත කළේය.
මෙම ව්‍යුහවාදය විවේචනය කර විලියම් ජේම්ස් (උසකකස්ප න්්පැි* 1890 දී චරසබජසචකැ දෙ චහජයදකදටහ නම් කෘතිය මඟනි කාර්යබද්ධවාදයේ (මෙබජඑසදබ්කසිප* මූලධර්ම හ`දුන්වා දුන්නේය. ක්‍රි.ව. 1896 දී එඞ්වඞ් තෝන්ඩයික් (ෑාඅ්රා ඔයදබාසනැ* සත්ත්ව විද්‍යාව පිළිබ`ද අධ්‍යයනයක් කරන ලදී. ක්‍රි.ව. 1900 දී සිග්මන් ෆ්‍රොයිඞ් විසින් (ීසටප්බබා රෙැ්ා* මනෝවිශ්ලේණවාදය (චිහජයද්බ්කහිසි* ආරම්භ කළ අතර,1900 දී ඔයැ සබඑැරචරුඒඑසදබ දෙ ෘරු්පි නම් කෘතිය රචනා කරන ලදී.
ක්‍රි.ව. 1912දී පමණ මැක්ස් වර්ත්හයිමර් (ඵ්ං උැරඑයැසපැර* ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාව (ඨැිඒකඑ චිහජයදකදටහ* ආරම්භ කළේය. මෙම ගුරුකුල සියල්ලම මනස යම් අදාළත්වයකින් තම න්‍යායයන් ගොඩනගා ඇත. ව්‍යූහවාදය, මනෝවිශ්ලේෂණවාදය, කාර්යබද්ධවාදය හා ගෙස්ට්ටෝල්ට් මනෝ විද්‍යාවෙහි මෙම ලක්ෂණය දක්නට ලැබෙයි.
මෙම මත විවේචනය කරමින් 1913 දී ජේ.බී. වොට්සන් විසින් (න්ගඊග උ්එිදබ* චර්යාවාදය (ඊැය්ඩසදමරසිප* ආරම්භ කරන ලදී. මෙහි මනස වෙනුවට චර්යාව අධ්‍යයනය කරන ලදී. මෙහිදී උත්තේජ හා ප්‍රතිචාර වශයෙන් එය අධ්‍යනය කළේය. මොහුගේ මෙම න්‍යායන් මඟින් මනෝවිද්යවේ අලූත් විෂය ක්ෂෙත්රයක් විවෘත විය. වොට්සන් තම න්‍යායන් ස`දහා එඞ්වඞ් තෝන්ඩයික් හා අයිවන් පැව්ලොව් විසින් ඉදිරිපත් කළ මතයන්ද ප්‍රයෝජනයට ගත්තේය. වොට්සන්ගේ න්‍යායන් සමකාලීන ඇතැම් මනෝවිද්‍යාඥයන් අනිත් විවේචනයට පත් විය. ඉන් පසු චර්යාවාදයේ පැවැති අඩු පාඩු සකස් කරන ලද්දේ ස්කිනර් (ෙැාැරසජන ිනසබබැර 1904*, එඞ්වඞ් ටෝල්මන් (ෑාඅ්රා ඔදකප්බල 1886-1959* හා ක්ලාක් හල් (ක්කැරන ්යමකකල 1884-1952* විසිනි. මේ අනුව මුල් චර්යාවාදය හා පශ්චාත් කාලීන චර්යාවාදය ලෙස වර්ගීකරණය කළ හැක. පශ්චාත්කාලීන චර්යාවාදීන් වොට්සන්ගේ මතවාද විවේචනයට ලක් කළේය. වොට්සන්ගේ චර්යාවාදී න්‍යායන් තුළ පැවැති බලවත් අඩුවක් ව තිබූ මානසික ක්‍රියාකාරීත්ව ටෝල්මන් විසින් උත්තේජ හා ප්‍රතිචාර මැදට එක්කරනු ලැබීය.
චර්යාවාදීන් සතුන් යොදාගෙන විවිධ පරික්ෂණ සිදුකර ඒවා මිනිසුන්ටද අදාළ කර ඇත. චර්යාවාදීන්ගේ මෙම චර්යාවාදයෙන් මනෝවිද්‍යාවට ප්‍රධාන සේවාවන් දෙකක් සිදුවිය. මනෝවිද්‍යාව විද්‍යාත්මක ක්‍රමය භාවිත කරන සම්පරීක්ෂණ විද්‍යාවක තත්වයකට පත්කිරීම හා සත්ව හා ළමා මනෝවිද්‍යාවට වැදගත් තැනක් ලබා දීම ප්‍රධාන සේවාවක් ලෙස දැක්විය හැක.
වර්තමානයේ චර්යාවාදයට උත්තේජ හා ප්‍රතිචාරමය චර්යාවන් පමණක් නොව ජීවත්වීම නිරූපණය කරන සවිඥානික/ අවිඥානික ක්‍රියාවන්ද (සිතීම, සන්නිවේදනය, චිත්ත රූප, හැඟීම්* ඇතුළත් වී ඇත. අද වන විට චර්යාවාදය මනෝවිද්‍යාවේ ප්‍රධානතම න්‍යායකි. එහි බලපෑම සාමාන්‍ය මනෝවිද්‍යව, ඇතුළු අධ්‍යාපන, සමාජ, ළමා, කාර්මික මනෝවිද්‍යා ක්ෂෙත්රයන්ටද, මනෝප්රතිකාර ක්ෂේත්රයට හා උපදේශන න්යායන්ටද ඇතුළු වී ඇත. එසේම අද වන විට මනෝවිද්‍යාව චර්යාව පිළිබ`ද විද්‍යාවක් වශයෙන් නිර්වචනය කරනු ලැබේ. එසේ වුවද චර්යාව යන්නෙහි අර්ථය දැන් ව්‍යාප්ත වී පෙර අභ්‍යන්තර අත්දැකීම් වශයෙන් සලකනු ලැබූ සෑහෙන කොටසක් දැන් ඊට ඇතුළත් වේ. සිතීම වැනි පෞද්ගලික පුද්ගලබද්ධ ක්‍රියාවලි පවා දැන් අභ්‍යන්තර චර්යාව වශයෙන් සැළකේ. මෙයින් මනෝවිද්‍යාවට චර්යාවාදය කොතෙක්දුරට බලපා ඇත්දැයි පැහැදිලි වේ.
ආශිත ග්රන්ථ
එදිරිසංහ දයා, කාල් රොජස් හා නූතන මනෝ විද්‍යාව, වත්මා ප්‍රකාශකයෝ, ගාලූ පාර, දෙහිවල,2006
කලන්සූරිය ඒ.ඞී.පී, නූතන බටහිර දාර්ශනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 2007
ගුණසේකර උපාලි, පෞරෂය හා මිනිස් දිවිය, සූරබිජන් අඩිවර්ටයිසින්, 198, දුම්රිය පාර,උවනමුල්ල, නගේගොඩ, 1998
පුද්ගල පෞරෂ සංවර්ධන හා මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායයන්, දයා රොහාන් අතුකෝරාල, නදුන් අතුකෝරාල (සංස්*, ශික්ෂා ප්‍රකාශන
පෙරේරා හර්ෂ, වානර මනස, සිටි ප්‍රින්ටර්ස්, මොරටුමුල්ල, මොරටුව, 1995
ප්‍රනාන්දු ඇන්තනී පී, අණසක දසදෙස පතුරවන, මනසේ විකාශනය, සිරි මුතු ටේරනින් සෙන්ටර්, ගම්පහ
මනෝවිද්‍යාව, එදිරිසංහ දයා, වත්මා ප්‍රකාශකයෝ, ගාලූ පාර, දෙහිවල, 1998
මනෝවිද්‍යාවේ මූලිකාංග, පද්මසිරි ද සිල්වා, පී.ඩබ්ලිව් කොඩිතුවක්කු (සංස්*, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1976
මූර්ති, මනෝවිද්‍යාව, මියුරෝ පොත් ප්‍රකාශකයෝ,1973
රසල්, බර්මුන්, බටහිර දර්ශන ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1970
රාමණායක යූ.බී, මනෝවිද්‍යා පදනම, සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශකයෝ, 41 ලූම්බිණි මාවත, රත්මලාන, 2001
්බටකැැ න්ගඍල ඔයැ රුක්එසදබ දෙ ිඑරමජඑමර්ක ්බා මෙබජඑසදබ්ක චිහජයදකදටහ එද චයසකදිදචයහල 1903
්රබදකා ත්ල ඡුිහජයදකදටසජ්ක ිඒබාචදසබඑිල චිහජයදකදටසජ්ක ඉමකකැඑසබල 1905
ඊදාැ ඊග්යල ක්දබිජසදමිබැිි ්ි ඉැය්ඩසදරල ්යදමරබ්ක දෙ චයසකදිදචයහල 1918
ඊමජනකහ ණල ඵැජය්බසජ්ක ප්බථ න්‍දයබ ඊග උ්එිදබ ්බා එයැ ඉැටසබබසබටි දෙ ඉැය්රසදරසිපල ඨමසකදෙරා චරුිිල 1984
ඊදරසබට ෑගඨල ් ්‍යසිඑදරහ දෙ ැංචැරසපැබඒක චිහජයදකදටහත භැඅ ශදරනත ්චචකැඑදබ - ජැබඑමරහ - ජරදඓිල 1929
ක්්කනසබි ඵල ඔයැ එරමකහ චිහජයදකදටසජ්ක ඉැය්රසදරසිපල 1921
ක්ය්ච්බසි ්ල ඵැබල ඵ්ජයසබැි ්බා පදාැකිල ්පැරසජ්බ චිහජයදකදටසිඑල 1961
ක්දයැබ ෘගඊල න්ගඊග උ්එිදබත ඔයැ දෙමබාැර දෙ ඉැය්ඩසදරසිපල ඛදබාදබල 1979
ෘ්ියසැකක න්ගෑග ීදපැ ර්චචරදජයැපැබඑි සබ ජදබාැපචදර්රහ චිහජයදකදටහල 1939
්ය්රරසි ඊග උය්රුඩැර ය්චචැබැා එද කසඑඑකැ ්කඉැරඑිල ්පැරසජ්බ චිහජයදකදටසිඑල 1979
්යසඑඑදබ ඨල ඔයැ ිජසැබඑසසෙජ සප්ටසබ්එසදබල ක්‍්ිැ ිඑමාසැිල ක්්පඉරසටැල ෑබටක්බාල ක්්පඉරසටැ මබසඩැරිසඑහ චරුිිග
්යමකක ක්ගඛල ෑිිැබඑස්කි දෙ ඉැය්රසදරල භැඅ ශදරනල ්චචකැබඑදබ ජැබඑමරහ - ක්රදසඑිල 1951
්යමකක ක්ගඛග ් ඉැය්ඩසදර ිහිඑැපල භැඅ ්ය්ඩැබල ශ්කැ ඹබසඩැරිසඑහ චරුිි 1952
්යැරරබිඑැසබල ඍ්බා ඉදරසබටල ීදමරජැ ඉදදක සබ එයැ යසිඑදරහ දෙ චිහජයදකදටහල ජ්පඉරසටැල ්ය්රඩ්රා ඹබසඩැරිසඑහ චරුිි
්යදබජසඑජය ඨග ඔයැ ි්බැ චසිසදඩසිඑල ් ඉසදටර්චයහ දෙ ෑගඛග ඔයදබාසනැල පසාාකැ එදඅබල උැිකැහ්බ මබසඩැරිසඑහ චරුිි
ණ්ක්එ න්්පැිල ෂබඑරදාමජඑසදබ එද චිහජයදකදටහල භදරඑය ක්්රදකසබ් ිඒඑැ මබසඩැරිසඑහල ිැඩැබඑය ැාසඑසදබල 2005
ණදජය ීල ්යමකක’ි චරසබජසචකැ දෙ ඉැය්රසදරල ් ිචැජස්ක රුඩසැඅල 1944
ඛ්බටෙැකා ්යගීල ත්සඓහ හැ්රි දෙ චිහජයදකදටසජ්ක රුඩසැඅල 1943
ඵහැරි ක්ගඍල න්‍දමරබ්ක ජසඒඑසදබි ්බා ිජසැබඑසසෙජ ැපසබැබජැ සබ චිහජයදකදටහල 1970
ී්පැකිදබ ත්ල න්ගඊග උ්එිදබ’ි ඛසඑඑකැ ්කඉැරඑල ක්හරසක ඉමරඑ’ි එඅසබිල ්බා එයැ බැැා දෙර ් ජරසඑසජ්ක ිජසැබජැල 1980
ීසකඩැරප්බල 1978
ීනසබබැරල ඊගත්ග ඉැය්ඩසදර දෙ දරට්බසිපල භැඅ ශදරනල 1938
උ්එිදබ න්ගඊල ඊැය්ඩසදර ්බා එයැ ජදබජැචඑ දෙ පැබඒක ාසිැ්ිැල 1916
උ්එිදබ න්ගඊග ් චදසබඑ ඩසැඅ සබ ජදපච්ර්එසඩැ චිහජයදකදටහල චිහජයදකදටසජ්ක රුඩසැඅල 1909
උද‘බස්නල ඍග ඵැඒචයිසජි ්බා ිජසැබජැල රු්ිදබ ්බා රු්කසඑහල ඔයැ සබඑැකකැජඑම්ක දරසටසබි දෙ ටැබැඑසජ ැචසි එැපචදකටහල ෂබ න්ග ඊරදමටයඑදබ ්බා ෘග ත්‍රුැප්බ බදසරල 1982
ශැරනැිල ඍගඵග ්බසප්ක චිහජයදකදටහ ්බා එයැ ජරසඑැරසදබ දෙ එයැ චිහජයසජල න්‍දමරබ්ක දෙ චයසකදිදචහිල 1905- ශැරනැි ඍගඵග ඍැඩසඅ දෙ ජක්ච්රුාල ර්ණෂි ජදපච්ර්එසඩැ චිහජයදකදටහ කැටසඑසප්එැ?” න්‍දමරබ්ක දෙ චයසකදිදචයහල 1905
Friday, December 6, 2013
පුළුල් ක්ෂෙත්ර කරා ව්‍යාප්ත වූ මනෝවිදාව
Subscribe to:
Post Comments (Atom)
The best Casino Games in NJ | NJK-TV
ReplyDeleteNew Jersey's online 이천 출장안마 casino offers the 논산 출장안마 best selection 양산 출장샵 of slots, video 전라북도 출장샵 poker, blackjack, 구리 출장마사지 and live dealer casino games. Play slots, live blackjack, roulette,